ප‍්‍රවේසම් වන්න

කම්සැපෙන් අවසන් වන සම්බාහනය - ප‍්‍රවේසම් වන්න

ස්පා නැත්නම් සම්බාහන.... කොටින්ම කිව්වොත් මසජ් ක්ලිනික්.... අද කාලයේ කතා බහට ලක් වෙන්නෙ මෙවා අතුලේ සිද්ධ වෙන හරි අපූරු වැඩ නිසා.මේවා බොහොමයක් ස්පා ලෙස පවත්වාගෙන ගියත් තම විශ්වසවන්ත පාරිබෝගිකයින් හට ඉන් එහා ගිය ඉහල මට්ටමේ සාත්තු සප්පායමක් උනත් ලබා ගනීමට බැරි කමක් නෑ. හන්දියක් හන්දියක් ගානෙ ගහල තියෙන සමහර ස්පා කියන බොර්ඞ් එක පිටිපස්සෙ තියෙන්නෙ සුපිරි වෙළඳ සංකීර්ණයක පවත්වාගෙන ගිය ජීනා මැඩම්ගෙ කාමර වල සිද්ධ වෙච්ච දේවල්මයි කියල පහුගිය දවස් වල වාර්ථා වුණු සිද්ධීන් හරහා අපට පැහැදිලි උනා. 

අන්තර්ජාලයට පිවිසුනත් විද්‍යුත් මාධ්‍යයක නිවුස් එකක් බැලුවත් නිතැතින්ම අහන්න දකින්න ලැබුනේ සම්බහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ග‚කා නිවාස පිළිබඳවයි.මේ වැඬේ කොච්චර සරුවට වෙනවද කියනවනම් වෙළඳ දැන්වීම් ප‍්‍රචාරය කරන ඇතැම් පුවත්පත් අතිරේකයන්ගේ වැඩි පිටු ගනණක් වෙන් වූයේ ස්පා ජනතා අතරට ගෙන යෑමටයි සැබෑ ලෙසම ආයුර්වේද සම්බහනය කරන මධ්‍යස්ථාන තිබුණද ඒ මුවාවෙන් ගණ්කා මඩම් පවත්වාගෙන යෑම අනුමත කළ නොහැක.පොලිසිය පසුගිය කාලය පුරා එවැනි තිප්පොළවල් වැටලා සැකකාරිනියන් බොහෝමයක් අත්අඩංගුවට ගැනීම කාගේත් පැසසුට ලක් විය.

 ලංකාවේ පූජනීයම නගරයක් වූ අනුරාධපුරයේ උතුම් පොහෝ දිනකද විවෘතව තබමින් තම පාරිබොගිකයින්ට කම් සැප ලබාදුන් එවැන් තිත්පොළක් ද පසුගියදා වැටලීය. අද අප මේ කියන්නට යන්නේ ද රුපියල් 1000ක් වියදම් කොට සම්බාහනය සදහා පමණක් ගියද තෙරපිවරියට දෙන සංතෝෂම අනුව ම ෆුල් සර්විස් සපයන නුගේගොඩ කට්ටිය හන්දිය ආසන්නයේ පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථානයක් නිසාවෙනි. නිතර නිතර සම්බාහනය සදහා තරුණ වයසේ කොලුගැටයන් මෙන්ම විවාහක පිරිමින්ද මෙතනට පැමිණෙන්නේ තම බිරිද අමතක කරමින්ද යන්න කාටත් නැගෙන ප‍්‍රශ්නයකි. මතු කී නුගේගොඩ කට්ටිය හන්දියේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයට ගොඩ වු පුද්ලගයෙක් ප‍්‍රකාශ කල අදහස් අපි සාරාංශ කර දක්වමු..

 ඔහු කී පරිදි මෙහි සාමාන්‍ය සම්බාහනයක් සදහා රුපියල් 1000ක මුදලක් අය කරනු ලබයි. සම්බාහන මධ්‍යස්ථානයට ඇතුල් වූ පසු එය බලාගැනීම සඳහා වන කාන්තාවක් සිටින අතර ඇයට කතා බහ කොට අවශ්‍ය කාන්තාවක් සේවාදායකයාගේ අවශ්‍යතාව අනුව ලබාගත හැකිය. වයස අවුරුදු 20 ෆ 30 අතරේ කාන්තාවන් 4දෙනෙක් මෙහි සේවය කරන අතර අයූර්වේද වෛද්‍යවරයෙක් යැයි කියාගත් පුද්ලයෙක්ද මෙහි සේවය කරනු ලබයි.. සම්බාහනයට පෙර මේ ආයතනය වෙත මුදල් ගේවා ඇතුලට යා යුතු අතර විනාඩි 30ක් වැනි කාලයකදී සම්බාහනයට අදාලා සියලුම කාර්යන් අවසාන කරනු ලබයි. ඉන් අනතුරුව සේවාදායකයාට වෙනත් අවශ්‍යතා හා උවමනාවන් සපුරා ගැනීමට ඇත්නම් සම්බාහනයේ යෙදුනු තරු‚යගෙන්ම අසා එය සිදුකරගැනීමට හැකියාව මෙම මධ්‍යස්ථානය තුල සපයා ඇත.

 රුපියල් 1000ක මුදලකට සාමාන්‍ය කායික තෘප්තියක් ලබා ගැනීමට හැකියාව ඇත. ඉන් එහා ගිය වින්දනයක් ලබා ගැනීමටනම් සේවාදායකයාට රුපියල් 2000ක මුදලක් වැය කිරීමට සිදුවන අතර එසේම සම්පූර්ණ වූ ලිංගික ආශ්වාදයක් ලබා ගැනීමට රුපියල් 3000ක් වැය කල යුතු වේ. මේ තවත් එක් පුද්ගලයෙකුගේ අත්දැකීමක් පම‚. මෙවැනි සම්බාහන මුවාවෙන් පවත්වාගෙන යන ග‚කා මධ්‍යස්ථාන මේ රටේ ඕනෑ තරම් ඇත. නමුත් ප‍්‍රශ්නය වන්නේ ඕවා සොයා ගැනීමට ඇති අපහසුවයි. කෙසේ වෙතත් පෙර සදහන් කළ පරිදි පොලිසිය පසුගිය කාලය පුරා එවැනි තිප්පොළවල් වැටලා සැකකාරිනියන් බොහෝමයක් අත්අඩංගුවට ගැනීම කාගේත් පැසසුට ලක් විය. 
සැප සොයන සම්බාහනයන් සදහා යෑමෙන් සිදුවන්නේ තම ජීවිතය අඳුරේ වැටීම මිසක එයින් කිසිදු සෙතක් අත්වන්නේ නැත.

1 comment:

Alpha said...

Good article. Sri has number of good spa and other as local business. Our site, massage in Colombo plays a role to provide information as directory. Sometimes, we do review rating and guidance to those who seeks spa services in Sri Lanka, especially in Colombo.